Posts

Image
දරුඵල නැතිවීම හා පමාවීමට හේතු ===================================== " ශුක්‍රශෝණිත ජීව සංයෝගේ තු ඛලු       කුක්ෂිගතෙ ගර්භසංඥා භවති " ශුක්‍ර ,  ශෝණිත ,    ජීවාත්ම යන මේවායේ යහපත් එකතුව මවුකුසට පිවිසුණු කල්හි ගැබ යන නම යෙදේ .   එසේ ප්‍රජෝත්පාදනයේ     අසමර්ථතාව වන්ධ්‍යාභාවයයි     (Sterility ).  ගර්භධානයෙහි     ලා ගර්භාෂගත ග්‍රීවනාලිකාවේ පටන් බීජ වාහිනී යුගලය ( ඩිම්බ කෝෂ )    අයත් මාර්ගයේදී පුරුෂ බීජය ස්ත්‍රී බීජය හා සංයෝග විය යුතුය .  බීජ යුගලයම ස්වස්ථව සිටිය     යුතුය .    නැතහොත් ගර්භධානය ඇන හිටී .  මෙය දෙපක්ෂයටම පොදු කාරණයකි .  පූයමේහ ආදියේදී සිදුවන ශුක්‍රවාහී නාලිකා අවරෝධය නිසා ඩිම්බය හා එක් වීමට පුංබීජයට අවස්ථාව නොලැබී යා හැකිය .  පුංබීජය ශුක්‍රාශයෙන් නික්මෙනුයේ     තරල පදාර්ථයන් හා එක් වීමෙනි .  එය ගර්භාෂය කරා ගමන් ගැනීමට මේ ද්‍රවභාගය තිබිය යුතුය .  එය පිළියෙළ නොවීමේ හේතු දෙකකි .  ශුක්‍ර නිර්මාපණ අවයවයේ     ශෝථය හා සහජ විකෘතියයි .  ශුක්‍රයෙහි පුංබීජ නොපිහිටීම ද ගර්භධානයට බාධාවකි .  එය අකීටාණුතා (Azoospermia)  නමින් හඳුන්වයි .  එයට අණ්ඩග්‍රන්ථිය නොපිහිටීම
Image
හොරි ,  දද ,  කුෂ්ඨ  සදහා  මෙන්න  විසදුමක් . 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥 සොබා දහමේ අපූර්ව නිර්මාණය මිනිසා වුවත් ඔහුගේ පැවැත්මක් රඳා පවතිනුයේ මේ අපූර්ව වෙනත් නිර්මාණයක් මත යැයි කීවොත් එය නිවැරදි ය .  සොබා සෞන්දර්යය දනවන පරිසරය තුළම නොයෙක් විෂමතා පදනම් කොටගෙන එහි සම හෝ අසමතුලිතතා මත ගැටෙන මිනිසාට පාරිසරික හා ශාරීරික සංකුලතාවලට මුහුණපාන්නට වෙයි . එය හොඳටත් මෙන් ම නරකටත් බලපානු ලබනවා .  එසේ නරකට බලපාන අවස්ථාවල දී විවිධ රෝග කාරකයන් ඔබ හමුවට එයි .  ජීවිතය සුන්දරව ගත කළත් මේ රෝග කාරකයන් ගෙන් බේරීමට ස්වභාවධර්මයා අපට උදව් කරන්නේ පරිසර සමතුලිතතාවයන් රැකෙන පරිදි ය .  පරිසරයෙන් ම ලැබෙන බොහෝ දේ අතරට මේ රෝග බීජ ඇතුළත් ය .  එසේ  අප  ශරීරයට  එකතු  වන  රෝගයන්  අපගේ  ශරීර  දුර්වලතාවන්ට  බොහෝ සේ  බලපානු  ලබනවා .   විශේෂයෙන් සිරුරේ පිටතින් ම ඇති සම කෙරෙහි මේ පාරිසරික බලපෑම් ඇති කරනු ලබනවා . සමෙහි ඇතිවන දද ,  කුෂ්ඨ වැනි රෝග සිරුර තුළ කිඳා බැසීමට විෂම වූ පරිසරය බලපානු ලබනවා .  ඒ අනුව ඔබගේ අසනීප තත්ත්ව විවිධ හේතුන් නිසා ව්‍යාප්ත වී සමාජය අඳුරට ගිල ගැනීම වැඩි ඈතක නොවන්නේ වඩාත් සුපරීක්‍ෂාකා